මෙවර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබු අවසන් බලාපොරොත්තුවත් අත්හැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ දී සිදු වුණා.
ඒ සිය ප්‍රතිමල්ලවයන් වූ අසල්වැසි ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 82ක අමිහිරි පරාජයකට උරුමකම් කීමත් සමගයි.
ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසියත් ඉන්දියාව දෙසට පෙරලෙද්දී ඔවුන් නිමවූ ආසියානු කුසලාන අවසන් මහා තරග පරාජයේ වේදනාව සමනය කරගැනීමේ අරමුණින් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අඅවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 172ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.
එහිදී ෂෆාලි වර්මා ලකුණු 43ක් ස්මෘති මන්දනා ලකණු 50ක් රැස් කළා.
නායකත්වයේ ඉනිමක් දියත් කරමින් හර්මන්ප්‍රීට් කෞර් පන්දු 27කින් වේගවත් ලකුණු 52ක් රැස් කිරීම විශේෂත්වයක්.
පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු සහ අමා කාංචනා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ලකුණු 173ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි පන්දු 5ක දී සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 90ක් පමණයි.
එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තු බිද වැටෙද්දී ඉන්දීය කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සැලකෙන්නේ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔවුන් ලද ඉහලම ජයග්‍රහණය ලෙසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දෙන අවසන් තරගය නවසීලන්තය සමගින් එළඹෙන 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
.jpeg)
No comments:
Post a Comment