Thursday, 31 October 2024

News


 පසුගියදා පකිස්ථානය සමගින් නිමාවට පත් වූ ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථානයට ගොස් සිටියදී එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පැමිණ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇතිබව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

බෙන් ස්ටෝක්ස්ගේ බිරිද සහ දරුවන් දෙදෙනා නිවසේ සිටින අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර බිරිදට සහ දරුවන් දෙදෙනාට මින් කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ නිවසේ තිබු වටිනා භාණ්ඩ රැසක් එම පිරිස් විසින් සොරාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

News

 


සංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද යි.

තරගයේ දෙවන දිනට ඊයේ තරගය නිමා කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 4ක් දැවීලකුණු 38ක් රැස් කරගෙන අසීරු අඩියකයකට වැටී තිබුණා.

තරගයේ කාසිය වාසිය දින පළමු ඉනිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලු‍ 6කට ලකුණු 575 ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

දකුණු අප්‍රිකාණු ඉනිම ශතක තුනකින් වර්ණවත් වූ අතර ආරම්භක පිතිකරු ටෝනි ද සෝර්සි ලකුණු 177ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 106ක් සහ වියන් මෝල්ඩර් නොදැවී ලකණු 105ක් රැස් කරගත්තා.

මෙම ක්‍රීඩකයන් තිදෙනාම ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී වාර්තා කළ ඔවුන්ගේ මංගල ටෙස්ට් ශතකය මෙය වීමද විශේෂත්වයක්.

පන්දු යැවීමේදී තයිජුල් ඉස්ලාම් කඩුලු‍ 5ක් බිද හෙළුවා.

News

 නවතම I.C.C ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍ර්‍ර්ණිගත කිරීම්හි ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් පළමු ස්ථානයට පත් වීමට දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත් වී තිබෙනවා.

 රබාඩා බංගලාදේශයට එරෙහි පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 9ක් දවාගනිමින් දැක්වූ දක්ශතා වලින් පසු ජස්ප්‍රිට් බුම්රා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ජොෂ් හේසල්වුඩ් අභිබවා ICC පිරිමි ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා. 

මින් පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍ර්‍ර්ණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා හට හිමි වී තිබූ අතර නවතම ශ්‍රේණිගතකිරීම් අනුව ජස්ප්‍රිට් බුම්රා තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා. 

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 7වන ස්ථානය ශ්‍රී ලංකා දඟපන්දු යවබ ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හට හිමී අති අතර ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනන්දු 13වන ස්ථානයේ පසුවනවා.

 මේ අතර I.C.C ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් හිමිකරගෙන සිටින අතර දෙවන ස්ථාන‍ය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් හා තුන්වන ස්ථානය ඉන්දීය ක්‍රීඩක යසස්වි ජයස්වාල් සිමිකරගෙන සිටිනවා. නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 09 වන ස්ථානයට පත්වී තිබෙනවා.

Wednesday, 30 October 2024

News


 සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 49.5 තුල සියලුදෙනා දැවී ලකුණු 232ක් රැස්කර ගත්තා. 

නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ බ්ෘක් හැලිඩේ පන්දු 96 කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 86ක් රැස් කර ගත්තා.

පන්දු යැවීමේදී දීප්ති ශර්මා ලකුණු 39කට කඩුලු 3ක් හා ප්‍රියා මිශ්‍රා ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 233ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 44.2කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා තම ජාත්‍යන්තර 8වන එක්දින ශතය රැස්කරගත් අතර ඉන්දීය නායිකා හමන් ප්‍රීත් කෝර් පන්දු 63කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 59ක් රැස් කර ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී හැනර් රෝව් ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා. 

තරගයේ වීරයා සම්මානය ශතක ලාභී ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා විසින් දිනා ගත්තා.

Thursday, 17 October 2024

News

 2024 අබුඩාබු ටී 10 තරගාවලිය සදහා ගිවිසුම් ගතවූ සහ රදවා තබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කලා.

මෙවර අබුඩාබු ටී 10 තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 දෙනෙකු එක් වීමට නියමිතයි.

ඒ අනුව නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම සමගින් මතීෂ පතිරණ සිවිසුම් ගත වී ඇති අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් මහේෂ් තීක්ෂණ සංචිතයේ රදවාගෙන සිටිනවා.

මීට අමතරව වනිදු හසරංග දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින් සිවිසුම් ගත වී ඇති අතර දසුන් ශානක බංගලා ටයිගර් සංචිතයේ රදවා ගනීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර චෙන්නායි බ්‍රේව් ජගුවර් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු එක් වී ඇති අතර නුවන් තුශාර හා තිසර පෙරේරා සුජුවම ගිවිසුම් ගත වී ඇති අතර භානුක රාජපක්ෂ සංචිතයේ රදවා ගෙන තිබෙනවා

 එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් සහ ඇෆ්ගනිස්ථාන කීඩක රෂීඩ් ඛාන් යන දෙදෙනාම බංගලා ටයිගර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කන්ඩායම සමග එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ගිවිසුම් ගත වුණා.

මෙලෙස ප්‍රභල ක්‍රීඩකයන් එක්වන 2024 අබුඩාබු ටී 10 තරගාවලිය එළැඹෙන නොවැම්බර් 21 වන දා සිට දෙසැම්බර් 2වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Wednesday, 16 October 2024

News

 කාන්තා 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ඊයේ රාත්‍රියේදී ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

අවසන් පූර්ව වටය් සදහා පිවීසීම සදහා දෙපිලටම මෙම තරගයේ ජයග්‍රහනය තීරනාත්මක වුණා. 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණයකල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කලා.

ලද ආරාධනයෙන් පිටියට පිවිසි එංගන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් රැස් කර ගත්තා.

එහිදී එංගලන්ත ඉනිම වෙනුවෙන් නට් සයිවර් බ්‍රොන්ට් නොදැවී පන්දු 50කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 57ක් හා නායිකා හැදර් නයිට් පන්දු 13කදී ලකුණු 21ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී අෆී ෆෙලෙචර් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.

ජයග්‍රාහී ලකුණු 142ක් ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 18කදී කඩුලු 4ක් දැවී ලකුණු 144ක් රැස් කර ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එංගන්ත පන්දු යවන්නන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කල හේලි මැතිව්ස් හා කියානා ජෝසප් පළමු කඩුල්ල සදහා ශක්තිමත් අඩිතාලමක් දමමින් පන්දු 74කින් ලකුනු 102ක් ශතක සබදතාවයක් ගොඩ නැගුවා.

මේ අතර හේලි මැතිව්ස් පන්දු 38කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් හා කියානා ජෝසප් පන්දු 38කදී ලකුණු 52ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී නට් සයිවර් බ්‍රොන්ට්,සොෆී එකල්ස්ටන් හා සාරා ග්ලෙන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව කඩුලු 6කින් මෙම තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් අවසන් පූර්වටයේ සිය ස්ථාන වෙන්කර ගත්තා.

News

 


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන 20 - 20 තරගය ලකුණු 73කින් ජය ගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර මෙම තරගයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20 - 20 වරම් දිනාගත්තා.

ශ්‍ර්‍රී ලංකා ඉනිමේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 49කින් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කර ගත්තා.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බටහිට ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 16යි 1 පන්දුවක් තුල සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 89ක් පමණයි.

සිය මංගල තරගයට ක්‍රීඩාකල යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුල ලකුනු 9ක් පමනක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

මීට අමතරව වනිදු හසරංග , මහේෂ් තීක්ෂණ හා චරිත් අසලංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගත්තා.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරග තුනකින් සමන්විත 20 - 20 තරගාවලිය 1 - 1 ලෙස දෙපිලම සම තත්වයේ පසුවනවා. 

දෙපිලටම තීරණාත්මක තුන්වන 20 - 20 තරගය හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන 20 - 20 තරගය ලකුණු 73කින් ජය ගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර මෙම තරගයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20 - 20 වරම් දිනාගත්තා.

ශ්‍ර්‍රී ලංකා ඉනිමේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 49කින් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කර ගත්තා.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බටහිට ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 16යි 1 පන්දුවක් තුල සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 89ක් පමණයි.

සිය මංගල තරගයට ක්‍රීඩාකල යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුල ලකුනු 9ක් පමනක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

මීට අමතරව වනිදු හසරංග , මහේෂ් තීක්ෂණ හා චරිත් අසලංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගත්තා.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරග තුනකින් සමන්විත 20 - 20 තරගාවලිය 1 - 1 ලෙස දෙපිලම සම තත්වයේ පසුවනවා. 

දෙපිලටම තීරණාත්මක තුන්වන 20 - 20 තරගය හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන 20 - 20 තරගය ලකුණු 73කින් ජය ගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර මෙම තරගයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20 - 20 වරම් දිනාගත්තා.

ශ්‍ර්‍රී ලංකා ඉනිමේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 49කින් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කර ගත්තා.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බටහිට ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 16යි 1 පන්දුවක් තුල සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 89ක් පමණයි.

සිය මංගල තරගයට ක්‍රීඩාකල යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුල ලකුනු 9ක් පමනක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

මීට අමතරව වනිදු හසරංග , මහේෂ් තීක්ෂණ හා චරිත් අසලංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගත්තා.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරග තුනකින් සමන්විත 20 - 20 තරගාවලිය 1 - 1 ලෙස දෙපිලම සම තත්වයේ පසුවනවා. 

දෙපිලටම තීරණාත්මක තුන්වන 20 - 20 තරගය හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Thursday, 10 October 2024

News


 පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමගින් පාකිස්ථානයේ  මුල්තාන්හි  පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් විසින් පන්දු 322කින්  අගනා  ලකුණු 317ක් රැස් කරගනිමින් ත්‍රිත්ව ශතයක් වාර්තා කිරීමට  අද සමත් වුණා.

ඔහු පන්දු 310ක් තුල ත්‍රිත්ව ශතකය වාර්තා කළ අතර එය වාර්තා පොත් අතරට එක්වන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවන වේගවත්ම  ත්‍රිත්ව ශතකය ලෙසයි.

එමෙන්ම එංගලන්ත පළමු ඉනිමේ සිව්වන කඩුල්ල සදහා ජෝ රූට් සමගින් එක්ව ලකුණු 454ක සබදතාවයක් ගොඩ නැගු අතර එයද වාර්තා පොත් අතරට එක්වන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගු ඉහලම සබදතාවය ලෙසයි.

එහිදී ජෝ රූට් සිය 6වන ටෙස්ට් දිත්ව ශතක වාර්තා කරමින් අද ලකුණු 262ට දැවී ගියා.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිම කඩුළු 7කට ලකුණු 823ක් ලෙස දැක්වුණු අතර පකිස්ථාන පළමු ඉනිම ලකණු 556යි.

News


 අවස්තා 22කදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනගත් ස්පාඤ්ඤ‍යේ රෆායල් නඩාල් එළැඹෙන නොවැම්බර් මාසයේ ස්පාඤ්ඤ‍යේ මලාගාහි පැවැත්වෙන ඩේවිස් කුසලාන තරගාවලියෙන් පසු සිය වුර්තීය ටෙනිස් ජීවිත‍යෙන් සමු ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

රෆායල් නඩාල් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා 14ක් හා එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතා හතරක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා දෙකක් දිනා ගැනීමට හැකිවීමද විශේෂත්වයක්.

News

 


මෙවර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබු අවසන් බලාපොරොත්තුවත් අත්හැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ දී සිදු වුණා.

ඒ සිය ප්‍රතිමල්ලවයන් වූ අසල්වැසි ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 82ක අමිහිරි පරාජයකට උරුමකම් කීමත් සමගයි.

ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසියත් ඉන්දියාව දෙසට පෙරලෙද්දී ඔවුන් නිමවූ ආසියානු කුසලාන අවසන් මහා තරග පරාජයේ වේදනාව සමනය කරගැනීමේ අරමුණින් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අඅවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 172ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.

එහිදී ෂෆාලි වර්මා ලකුණු 43ක් ස්මෘති මන්දනා ලකණු 50ක් රැස් කළා.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් හර්මන්ප්‍රීට් කෞර් පන්දු 27කින් වේගවත් ලකුණු 52ක් රැස් කිරීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු සහ අමා කාංචනා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 173ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි පන්දු 5ක දී සියලු‍ දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 90ක් පමණයි.

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තු බිද වැටෙද්දී ඉන්දීය කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සැලකෙන්නේ  20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔවුන් ලද ඉහලම ජයග්‍රහණය ලෙසයි.


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දෙන අවසන් තරගය නවසීලන්තය සමගින් එළඹෙන 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

News

 


වුහාන් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට රුසියානු ක්‍රීඩිකා එරිකා ඇන්ඩ්‍රීවා සමත් වුණා.

20 හැවිරිදි එරිකා විසින්  17 හැවිරිදිවියේ පසුවන මිරාට එරෙහිව ලකුණු 6-3 6-1 ක් ලෙස ජයග්‍රහනය කල අතර  අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීම සදහා ජැස්මින් පෝලිනි සමග තරග වැදීමට නියමිතයි. 

2020 වසරේදී සෙරීනා විලියම්ස් හා ඇයගේ සහෝදරිය වන වීනස් විලියම්ස් සමග පැවති තරගයෙන් අනතුරුව සහෝදරියන් දෙදෙනකු අතර පැවති පළමු තරගය ලෙස එරිකා ඇන්ඩ්‍රීවා සහ ඇයගේ සහෝදරිය වන මිරා සමග පැවති තරගය ඉතිහාසයට එක්වුණා.

Wednesday, 9 October 2024

News

 


දිනෙන් දින උනුසුම් වන කාන්තා 20 -20 ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 60ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. 

ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඕස්ට්‍රේලියා නායිකා ඇලෙසා හිලී පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක ලකුණු පුවරුවක් නිර්මාණය කලා.

ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් බෙත් මුනී පන්දු 32කින් ලකුණු 42ක් හා එලීස් පෙරී පන්දු 24කින් ලකුණු 30ක් රැස් කර ගත්තා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරතවූ අමේලියා කර් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් තුල සියළුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 88ක් පමණයි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලභිනිය වූ අමේලියා කර් පන්දු 31ක්දී ලකුනු 29ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී මේගන් ෂූට් හා ඇන්බල් සදලන්ඩ් අතරේ කඩුලු 3 බැගින්බෙදී ගියා.

Sunday, 6 October 2024

News

 ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය මගින් 35 වන වතාවට සංවිධානය කල  ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරඟාවලිය දින 8ක් පුරාවට පසුගියදා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා.

තරගාවලිය සදහා වයස් ඛාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික ප්‍රමාණයක් එක්වී සිටියා.

මෙහි වයස අවුරුදු 19න් පහල බාලිකා ශූරතාව කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මා සිනලි දිනා ගත්තා.

මෙහි දී බාලක අංශයේ ශුරතාවය කොළඹ රාජකීය විද්‍යාලයේ මතීෂ විජේසේකර විසින් දිනා ගනු ලැබුවා.

News

 


දිනෙන් දින උණුසුම් වන 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඊ ඛාණ්ඩයේ තරගයක් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ රාත්‍රියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මක වුණා.

ඒ අනුව මෙම තරගයෙන්  බංග්ලාදේශය ලකුණු 21කින් පැරදු එංගලන්ත ක්‍රීඩිකාවෝ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කළා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්  එංගන්ත ක්‍රීඩිකාවන්  නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු‍ 7ක් දැවී ලකුණු 118ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. 

එංගන්ත ඉනිමේ නියමුවා වෙමින් ඩැනි ව‍යට් ලකුණු 41ක් රැස් ගත්තා.

පන්දු යැවීමේදී  නහිඩා අක්තර්, ෆහීමා හාතුන් සහ රිතූ මෝනි අතරේ කඩුලු‍ 2 බැගින් බෙදී ගියා.

ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට  පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී  රැස්කර ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

Friday, 4 October 2024

News


 ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 92 වෙනි වරටත් සංවිධානය කළ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ නිමාව දුටුවා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දින 4ක් පුරාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන්  පැවති මෙම තරගාවලියේ නව තරග වාර්තා 22ක් සහ ජාතික කනිෂ්ට වාර්තා දෙකක්ද බිහිවීම විශේෂත්වයක්.

වයස අවුරුදු 16,18 සහ 20 යන වයස් ඛාණ්ඩ 3ක යටතේ පැවති මෙම තරගාවලියේ සමස්ථ බාලිකා ශුරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගත් අතර බාලක ශුරතාවය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලට හිමි වුණා.  


News


20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් ඊයේ පාකිස්ථානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු‍ දෙනා දැවී ලකුණු 116ක් රැස් කරගත්තා.

එහි දී පාකිස්ථාන කණ්ඩායමේ කඩුළු 8ක් ලකුණු 84ක් තුළ බිද වැටී තිබූ පසුබිමක නායිකා ෆාතිමා සානා විසින් පන්දු 20කින්  ලකුණු 30ක් රැස් කරගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගියා.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී, සුගන්ධිකා කුමාරි සහ නායිකා චමරි අතපත්තු අතරේ කඩුළු තුන බැගින් බෙදී ගියා.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20තුළ කඩුළු 9ක් දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 89ක් පමණයි.

එහි දී නායිකා  චමරි අතපත්තු ලකුණු 6කටත් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7කටත් දැවී ගියා. ශ්‍රී ලංකා පිතිකාරිණියන් 7දෙනෙකුම එලෙස ලකුණු 10 සීමාවටත් ළගා නොවී දැවී යද්දී විශ්මි ගුණරත්න ලකුණු 20ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක් රැස් කරගත්තා.

කෙසේ වෙතත් එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවූ පසුබිමක ඔවුන් මෙවර ලෝක කුසලානයේ මහුණ දුන් පළමු තරගයෙන් ඒ අනුව ලකුණු 31ක පරාජයක් අත්කරගත්තා.

පන්දු යැවීමේ දී සාදියා ඉක්බාල් කඩුළු 3ක් බිද හෙළුවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දෙන මීලග තරගය හෙට සවස 3.30ට ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිතයි.


News

 


චීන විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 06වන ස්ථානයේ පසුවන අමරිකාවේ කොකෝ ගෝෆ් සමත් වුණා.

අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ තරගයේදී යුක්ක්‍රේනයේ යුලියා ස්ටරඩස්සවා හමුවේ පලමු වටය ලකුණු 6 - 2 ලෙස කොකෝ ගෝෆ් පරාජයට පත්වුණා.

පළමු වටය පරාජයට පත්වූ කොකෝ ගෝෆ් දෙවන හා තුන්වන වටයන් යුලියා ස්ටරඩස්සවා ලකුණු 6 - 2 හා 6 - 2 ලෙස පරාජයට පත් කරමින් චීන විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

Thursday, 3 October 2024

News



 2025 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාණු T 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ එම වෙන්දේශීය නිම වී දිනකට පසුව ජොබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමගින්  වයිල්ඩ්කාඩ් ක්‍රමය හරහා එක්වීමත් සමගයි.

මතිෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වා ඇති නමුත්  දකුණු අප්‍රිකාණු T 20 ක්‍රිකට් තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.

මතිෂ පතිරණය අමතරව ජොබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම මහිෂ් තීක්ෂණ ද මිලදී ගෙන තිබෙන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එම්අයි කේප් ටවුන් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා

News

 


පලස්තීන පාපන්දු සංගමය විසින් 74වන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේදී කරන ලද යෝජනාවකට අනුව ඊශ්‍රායල පාපන්දු සම්මේලනයට එරෙහිව සම්බාධක පැනවීම පිළිඹද සලකා බැලීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

එම යෝජනා වනුයේ  ඊශ්‍රායල පාපන්දු සම්මේලනය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රෙගුලාසි උල්ලංඝනය කිරීම් සිදු කර ඇති බවයි.

 ඒ අනුව  ඊශ්‍රායලයට එරෙහිව පැනවිය හැකි සම්බාදක පිලිබදව ඉදිරියේ දී සලකා බලන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

News

 


 ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 5ක්  සහ පන්දුවාර 20-20 තරග 5කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා වමත්  දගපන්දු යවන  ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහයේ 2.4.7 යන වගන්ති උල්ලංඝණය කළ බවට ඔහුට එල්ල වූ චෝදනා පිළිගැනීමත් සමගයි.

එම චෝදනා වුයේ දූෂණ විරෝධී ඒකකය විසින් සිදු කළ හැකි ඕනෑම විමර්ශනයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, පර්යේෂණයට අදාල ලියකියවිලි හෝ වෙනත් තොරතුරු සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීමයි.

ප්‍රවීන් ජයවික්‍රම හට මෙම චෝදනා එල්ලවන්නේ ජාත්‍යන්තර සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලවයි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම තහනම පැනවීමේ දී ගෙවී ගිය මාස 6ක කාලයද ඇතුළත් වන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කර තිබෙනවා.

News

 


රටවල් 10ක් එකම කිරුළක් වෙනුවෙන් සටන් වදින 20-20  කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්වන පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.  

ඒ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගය ඇතුළුව පාකිස්තානයට එරෙහිව පැවති අවසන් විස්සයි20 තරග තුන ජයගෙන ඇති අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙර පැවති පුහුණු තරග දෙක ද ජයගැනීමට හැකි වී තිබීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය ආරම්භ වීමට ප්‍රථම මෙවර 20-20  කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය  ලෙස බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්තය  අතර තරගය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ම   මෙරට වේලාවෙන් අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි

Wednesday, 2 October 2024

News

 


පාකිස්ථාන එක්දින හා 20 - 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට බාබර් අසාම් තීරනය කර තිබෙනවා. බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පකිස්ථානය 20 - 20 තරග 85කට මුහුණදී ඇති අතර ඉන් තරග 48ක් ජයග්‍රහණය දක්වා මෙහෙය වීමට බාබර් අසාම් හට හැකිවු අතර එක්දින ජාත්‍යන්තර තරග 43කදී පාකිස්තානය මෙහෙය වූ බාබර් අසාම් විසින් ඉන් තරග 26ක් ජයග්‍රහණය වෙත මෙහෙය වූ අතර තරග 15ක් පරාජයට පත් වුණා.

    පෞද්ගලික පිතිකරණයට ප්‍රමුඛතාවය ලබා දීම අපේක්ෂාවෙන් තමා නායකත්වයට සමුදීමට තීරණය කල බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බාබර් අසාම් ප්‍රකාශකලා.

News

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 -0 ලෙස පරාජයට පත්වීමෙන් පසුව නවසීලන්ත ටෙස්ට් නායකත්වයෙන් සමුගැනීමට නවසීලන්ත නායක ටිම් සවුති තීරණය කර තිබෙනවා.

35 හැවරිදි වියේ පසුවන ටිම් සවුතිගේ නායකත්වය යටතේ නවසීලන්තය ටෙස්ට් තරග 14ක් ක්‍රීඩාකර ඇති අතර එහිදී තරග 6ක් ජය ගෙන තරග 6ක් පරාජයට පත් වී ඇති අතර තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඉන්දීය තරග සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටොම් ලෙතම් පත්වීමට නියමිත බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

News


 සංචාරක බංගාලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමත් සමග තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාවේ කාන්පූර්හිදී ආරම්භවූ දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි බංගාලාදේශය සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස් කර ගත් අතර ඉන්දීය ක්‍රීඩකයන් ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් පන්දුවාර 34යි පන්දු 4ක් ඇතුලත කඩුලු 9ක් දැවී ලකුණු 285ක් ‍රැස් කරමින් සිය පළමු ඉණිම අත් හිටවනු ලබුවා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යසස්වි ජයස්වාල් පන්දු 51කදී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 72ක්  රැස්කලා.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 52ක් පසුපසින් සිටිමින් සිය දෙවනි ඉනිම ආරම්භ කල බංගලාදේශය ලකුණු 146කට සීමා කිරීමට ප්‍රභල ඉන්දීය පන්දු යවීමේ බල ඇණිය සමත් වුණා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 3න බැගින් බෙදී ගිය අතර බංගලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු සදාම් ස්ලාම් අර්ධශතකයක් රැස් කලා.

ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙම තරගයේ දෙවන හා තුන්වන දිනයන් වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ නිසා පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ඉන්දියාව ප්‍රවේගකාරී තරග රටාවක නිරත වීම කැපී පෙනුනා.

අවසන් තරගයේ වීරයා ලෙස යසස්වි ජයස්වාල් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස රවිචන්ද්‍රන් අශ්වින් සම්මාන දිනා ගත්තා .

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...