Thursday, 31 October 2024

News

 නවතම I.C.C ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍ර්‍ර්ණිගත කිරීම්හි ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් පළමු ස්ථානයට පත් වීමට දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත් වී තිබෙනවා.

 රබාඩා බංගලාදේශයට එරෙහි පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 9ක් දවාගනිමින් දැක්වූ දක්ශතා වලින් පසු ජස්ප්‍රිට් බුම්රා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ජොෂ් හේසල්වුඩ් අභිබවා ICC පිරිමි ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා. 

මින් පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍ර්‍ර්ණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා හට හිමි වී තිබූ අතර නවතම ශ්‍රේණිගතකිරීම් අනුව ජස්ප්‍රිට් බුම්රා තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා. 

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 7වන ස්ථානය ශ්‍රී ලංකා දඟපන්දු යවබ ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හට හිමී අති අතර ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනන්දු 13වන ස්ථානයේ පසුවනවා.

 මේ අතර I.C.C ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් හිමිකරගෙන සිටින අතර දෙවන ස්ථාන‍ය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් හා තුන්වන ස්ථානය ඉන්දීය ක්‍රීඩක යසස්වි ජයස්වාල් සිමිකරගෙන සිටිනවා. නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 09 වන ස්ථානයට පත්වී තිබෙනවා.

No comments:

Post a Comment

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...