සංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද යි.
තරගයේ දෙවන දිනට ඊයේ තරගය නිමා කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 4ක් දැවීලකුණු 38ක් රැස් කරගෙන අසීරු අඩියකයකට වැටී තිබුණා.
තරගයේ කාසිය වාසිය දින පළමු ඉනිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලු 6කට ලකුණු 575 ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
දකුණු අප්‍රිකාණු ඉනිම ශතක තුනකින් වර්ණවත් වූ අතර ආරම්භක පිතිකරු ටෝනි ද සෝර්සි ලකුණු 177ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 106ක් සහ වියන් මෝල්ඩර් නොදැවී ලකණු 105ක් රැස් කරගත්තා.
මෙම ක්‍රීඩකයන් තිදෙනාම ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී වාර්තා කළ ඔවුන්ගේ මංගල ටෙස්ට් ශතකය මෙය වීමද විශේෂත්වයක්.
පන්දු යැවීමේදී තයිජුල් ඉස්ලාම් කඩුලු 5ක් බිද හෙළුවා.
.jpeg)
No comments:
Post a Comment