පසුගියදා පකිස්ථානය සමගින් නිමාවට පත් වූ ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථානයට ගොස් සිටියදී එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පැමිණ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇතිබව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
බෙන් ස්ටෝක්ස්ගේ බිරිද සහ දරුවන් දෙදෙනා නිවසේ සිටින අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර බිරිදට සහ දරුවන් දෙදෙනාට මින් කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ නිවසේ තිබු වටිනා භාණ්ඩ රැසක් එම පිරිස් විසින් සොරාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.
.jpeg)
No comments:
Post a Comment