වසර 07ක නිහැඩියාව නිමා කරමින් හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් අද ආරම්භ වුණා.
මෙවර තරගාවලිය කාන්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ෘ ඛණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනවා ඇති .
ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද ඕමාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕමාන ක්‍රීඩකයින් නිමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 78ක් රැස් කර ගත්තා.
ඕමාන නායක විනායක් ශුක්ලා පන්දු 18 කින් වේගවත් ලකුණු 50ක් රැස්කර කළා.
ජයග්‍රහණය සදහා ලකුණු 79ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 4. පන්දු 1 කදී කඩුලු 2ක් දැවී ලකුණු 82ක් රැස් කරගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ගෙන ආ සදුන් වීරක්කොඩි පන්දු 7කින් වේගවත් ලකුණු 28ක් රැස් කරගත් අතර තනුක දාබරේ පන්දු 7කින් ලකුණු 18 කළා.
ඊට අමතරව ළහිරු සමරකෝන් නොදැවී පන්දු 6කින් ලකුණු 20ක් රැස් කළා.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළග තරගය අද පස්වරු 2.10ට බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි.
.jpeg)
No comments:
Post a Comment