මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලිග් ක්‍රිකට් තරගාවලියේ හෝබාර්ට් හරිකෙන්ස් කණ්ඩායම පරදා ළකුණු 33ක ජයක් අත්කරගැනීමට චමරි අතපත්තු නියෝජනය කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම ඊයේ සමත් වුණා.
සිඩ්නිහි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක ඉනිමක් පන්දුවාර 17කට සිමා කිරීමට තරග තීරකවරයා පියවර ගත්තා.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි තන්ඩර් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 17 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී චමරි අතපත්තු පන්දු 29කින් ලකුණු 38ක් රැස්කළ අතර එයට 6 පහර දෙකක් සහ 4 පහර හතරක් අන්තර්ගත වුණා.
හැදර් නයිට් ලකුණු 48යි.
ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හෝබාර්ට් හරිකෙන්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 17
අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 113ක් පමණයි.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දෂ්කම් දැක් වූ චමරි අතපත්තු පන්දුවාර 3කදී ලකුණු 11කට එක් කඩුල්ලක් බිද හෙළුවා.
.jpeg)
maru
ReplyDelete