Tuesday, 26 November 2024

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා.

ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් යළි වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.

අදාළ වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු ඉදිරිපත් කෙරුණා.

ඉන් හය දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් මිලදී ගැනීමටයි කටයුතු කළේ.

ඒ අනුව වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ ඒෂාන් මාලිංගට මෙවර IPL වරම් හිමි වුණා.

ඩිල්ෂාන් මධුෂංඛ, පැතුම් නිස්සංක සහ විජයකාන්ත් වියස්කාන්ත් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

මේ අතර මතීෂ පතිරණව ඉන්දියානු රුපියල් කෝටි 13කට රඳවා ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළේ.

Friday, 8 November 2024

News

 


මැලේසියාවේ පැවති ලැංකාවී කුසලාන පාපන්දු තරගාවලියේ දී වයස අවුරුදු 16න පහල කාණ්ඩයේ අනුශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිනවුන් පාපන්දු කණ්ඩායම පසුගියදා සමත් වුණා.

මෙවැනි තරගාවලියක කුලසන අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් අනුශුරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ ඔවුන් මුහුණ දුන් සියලු‍ම තරග ජයගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ රිනවුන් කණ්ඩායම අවසන් මහා තරගයේ දී මැලේසියාව සමග තරග වැදුනා.

එහිදී අවසන් මහා තරගයේ ගෝල 1-1ක් ලෙස සම වීම හේතුවෙන් ජය තීරණය කිරීමට දෙපිලට ලබා දුන් දඩුවම් පහර 3-2ක් ලෙස මැලේසියාව ජය ගැනීම හේතුවෙන් ඔවුන්ට මෙම තරගාවලියේ අනුශුරයන් බවට පත්වීමට සිදු වුණා.

තරගාවලියේ හොදම ගෝල රකින්නාට හිමි රන් කුසලානයද  රිනවුන් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයාට හිමිවීමද විශේෂත්වයක්.

News

 


බටහිර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරී ජෝසප් හට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

ඒ පසුගියදා එංගලන්තය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය අතරතුර කොදෙව් නායක ෂේ හෝප් සමග ඇති වූ මතභේදාත්මක තත්වය හේතුවෙන් පිටියෙන් ඉවත්ව යාමේ සිදුවීමට අදාලවයි.

නිමාවට පත්වූ අවසන් එක්දින තරගයේදී අල්සාරී ජෝසප් නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුනු 45කට කඩුලු‍ 2ක් බිද දැමීමට සමත් වුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්සාරී ජෝසප් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

News

 


2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම ඒ  ඒ කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩිකාවන් සහ තම කණ්ඩායම්වලින් නිදහස් කළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව ඊයේ නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අප් වොරියර්ස් කණ්ඩායම විසින් රදවා තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිත ඇති අතර මෙවර එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට වය කළ හැකි මුදල ඉන්දීය රුපියල් කෝටි 13.5 සිට ඉන්දීය රුපියල් කෝටි 15 ඉහළ දමා ඇත.

Thursday, 7 November 2024

News

 ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියේ 18  වෙනි වරටත් ශුරතාවය දිනා ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්ට විද්‍යාලය පසුගියදා සමත් වුණා..

ඔවුන් මෙලෙස  අඛණ්ඩව ශුරතාවය දිනා ගත් 4 වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

105 වන ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියේ මෙවර කොළඹ රාජකීය විද්‍යාලීය මාස් ඇරීනා බොක්සින් වළල්ලේදී දින පහක් පුරාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය රන් පදක්කම් හතරක් රිදී පදක්කම් දෙකක් දිනා ගනිමින් සමස්ත බාලක සූරතාවය හිමිකර ගනිද්දී කොළඹ රාජකීය විද්‍යාලය රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් එහි  අනුශූරතාව දිනා ගත්තා.

රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් සමගින් කොටගල සිරි පැරකුම් විදුහල බාලිකා ශූරතාවට හිමිකම් කියූ අතර රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් එහි අනුශූරතාව දිනාගැනීමට ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරත්න මධ්‍ය මහා විද්‍යාලය සමත් වුණා.

News

 


සංචාරක එංගන්ත ක්‍රිකට් කණ්ඩායම සහ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගවලියේ  තීරණාත්මක අවසන් එක්දින තරගයෙන් කඩුලු‍ 08ක ජයක්  අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.

බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු‍ 08ක් දැවී ලකුණු 263ක ලකුණු පුවරුවක් නිර්මාණය කලා.

ලකුණු 264ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර 43කදී කඩුලු‍ 2ක් පමණක් දැවී ලකුණු 267ක් වාර්තා කරමින් තරගය පහසුවෙන් ජය ගත්තා.

එහිදී සුපිරි පිතිහරඹයක් දියත් කල ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කිං තම 3වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කර ගත් අතර  කීසී කාට් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 128ක් රැස් කරමින් තීරණාත්මක අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය තම දේශය වෙත දිනා දුන්නා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ  සමත්වුණා.

News


 ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලියේ පළමු තරගයෙන් ලකුණු 92ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ඇෆ්ගනිස්ථානය ඊයේ සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර  49යි පන්දු 4 කදී සියලු‍ දෙනා දැවී ලකුණු 235ක් රැස් කරගත්තා.

නායක හෂ්මතුල්ලා ෂහිඩි 22වන එක්දින අර්ධ ශතකය රැස් කරගනිමින් ලකුණු 52කක් ලබාගත් අතර මොහොමඩ් නබි සිය 17 වෙනි අර්ධ ශතකය රැස් කරගනිමින් ලකුණු 84කට දැවී ගියා.

ඉන් අනතුරුව ලකුණු 236ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශයට ඇෆ්ගනිස්ථාන පන්දු යවන බලඇණිය හමුවේ නොසිතු ඉරණමකට මුහුණ දෙමින් පන්දුවාර 34යි පන්දු 3කදී සියලු‍ දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 143ක් පමණයි.

විටක බංග්ලාදේශ ඉනිම කඩුලු‍ 2කට ලකුණු 120ක් ලෙස සටහන් වී ප්‍රබල මට්ටමක පසුවුවත්  ඔවුන්ගේ අවසන් කඩුලු‍ 8 ලකුණු 23ක් තුළ  බිද වැටීමත් සමග තරගයේ ජය ඇෆ්ගනිස්ථාන සතු වුණා.

එහිද විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අල්ලාහ් ගසන්ෆර් එක්දින දිවියේ සිය හොදම පන්දු යැවීම සනිටුහන් කරමින් පන්දුවාර 6 පන්දු 3ක් තුළ ලකුණු 26කට කඩුලු‍ 6ක් බිද හෙලු‍වා.

Friday, 1 November 2024

News


ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම උපරිම ක්‍රීඩකයන් 6 දෙනෙකු රදවා තබා ගැනීමට කණ්ඩායම්වලට ලබා දී තිබූ කාලය ඊයේ පස්වරු 5ට අවසන් වුණා.
ඒ අනුව ඊයේ පස්වරුවේ එක් එක් කණ්ඩායම් විසින් රදවාගත් ක්‍රීඩක ලැයිස්තු එලි දැක්වීම සිදු කෙරුණා..
අයි.පි.එල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු රදවා ගැනීමට වැය කල ඉහළම මුදල දකුණු අප්‍රිකාණු ප්‍රවේගකාරී පිතිකරු හෙන්රිච් ක්ලාසන්ට ලබා දීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
ඒ ඔහුව ඉන්දීය රුපියල් කොටි 23කට රදවා ගනිමින්.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 80කට අධික වනවා.එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ඉන්දීය රුපියල් කොටි 13කට රදවා තබාගෙන තිබෙනවා.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 45කට අධිකයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සුපිරි තරුව මහේන්ද්‍ර සිං දෝනිව රදවා තබා ගැනීමට වැය වී තිබුණේ ඉන්දීය රුපියල් කොටි 4ක් පමණක්.
ඊට හේතුවුයේ ක්‍රීඩකයකු අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කර වසර 5ක් ඉක්ම වූ පසු ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයකු ලෙස අයි.පි.එල්  සංවිධායකයන් නොසැලකීමයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි රදවාගැනීමට ඉන්දීය රුපියල් කොටි 21ක් වැය කර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 73කට අධිකයි.
කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලේසීස්, දිල්ලි කැපිටල් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් පසුගියවර ශුරයන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ෂියාර්ස් අයියර් ලබන මස 24 සහ 25 යන දිනයන්හි පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේශීය සදහා කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

News

 


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලිග් ක්‍රිකට් තරගාවලියේ හෝබාර්ට් හරිකෙන්ස් කණ්ඩායම පරදා ළකුණු 33ක ජයක් අත්කරගැනීමට චමරි අතපත්තු නියෝජනය කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම ඊයේ සමත් වුණා.

සිඩ්නිහි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක ඉනිමක් පන්දුවාර 17කට සිමා කිරීමට තරග තීරකවරයා පියවර ගත්තා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි තන්ඩර් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 17 අවසානයේ  දී  කඩුලු‍ 5ක් දැවී ලකුණු 146ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී චමරි අතපත්තු පන්දු 29කින් ලකුණු 38ක් රැස්කළ අතර එයට 6 පහර දෙකක් සහ 4 පහර හතරක් අන්තර්ගත වුණා.

හැදර් නයිට් ලකුණු 48යි.

ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  හෝබාර්ට් හරිකෙන්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 17 

අවසානයේදී කඩුලු‍ 8ක් දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 113ක් පමණයි.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දෂ්කම් දැක් වූ චමරි අතපත්තු පන්දුවාර 3කදී ලකුණු 11කට එක් කඩුල්ලක් බිද හෙළුවා.

News

 


වසර 07ක නිහැඩියාව නිමා කරමින් හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් අද ආරම්භ වුණා. 

මෙවර තරගාවලිය  කාන්ඩ 4ක් යටතේ  ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ෘ ඛණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනවා ඇති  .

ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද ඕමාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු‍ 4ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා 

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕමාන ක්‍රීඩකයින් නිමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු‍ 2ක් දැවී ලකුණු 78ක් රැස් කර ගත්තා.

ඕමාන නායක විනායක් ශුක්ලා පන්දු 18 කින්  වේගවත් ලකුණු 50ක් රැස්කර කළා. 

ජයග්‍රහණය සදහා ලකුණු 79ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 4. පන්දු 1 කදී කඩුලු‍ 2ක් දැවී ලකුණු 82ක් රැස් කරගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ගෙන ආ සදුන් වීරක්කොඩි පන්දු 7කින් වේගවත්  ලකුණු 28ක් රැස් කරගත් අතර තනුක දාබරේ පන්දු 7කින් ලකුණු 18 කළා.

ඊට අමතරව  ළහිරු සමරකෝන් නොදැවී පන්දු 6කින් ලකුණු 20ක් රැස් කළා.

ශ්‍රී ලංකාව  මුහුණ දෙන මීළග තරගය අද පස්වරු 2.10ට බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි.

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...