2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම ඒ ඒ කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩිකාවන් සහ තම කණ්ඩායම්වලින් නිදහස් කළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව ඊයේ නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අප් වොරියර්ස් කණ්ඩායම විසින් රදවා තබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිත ඇති අතර මෙවර එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට වය කළ හැකි මුදල ඉන්දීය රුපියල් කෝටි 13.5 සිට ඉන්දීය රුපියල් කෝටි 15 ඉහළ දමා ඇත.

woow
ReplyDelete