සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.
ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 49.5 තුල සියලුදෙනා දැවී ලකුණු 232ක් රැස්කර ගත්තා.
නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ බ්ෘක් හැලිඩේ පන්දු 96 කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 86ක් රැස් කර ගත්තා.
පන්දු යැවීමේදී දීප්ති ශර්මා ලකුණු 39කට කඩුලු 3ක් හා ප්‍රියා මිශ්‍රා ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.
ජයග්‍රාහී ලකුණු 233ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 44.2කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා තම ජාත්‍යන්තර 8වන එක්දින ශතය රැස්කරගත් අතර ඉන්දීය නායිකා හමන් ප්‍රීත් කෝර් පන්දු 63කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 59ක් රැස් කර ගත්තා.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී හැනර් රෝව් ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය ශතක ලාභී ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා විසින් දිනා ගත්තා.

No comments:
Post a Comment