2024 අබුඩාබු ටී 10 තරගාවලිය සදහා ගිවිසුම් ගතවූ සහ රදවා තබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කලා.
මෙවර අබුඩාබු ටී 10 තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 දෙනෙකු එක් වීමට නියමිතයි.
ඒ අනුව නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම සමගින් මතීෂ පතිරණ සිවිසුම් ගත වී ඇති අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් මහේෂ් තීක්ෂණ සංචිතයේ රදවාගෙන සිටිනවා.
මීට අමතරව වනිදු හසරංග දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින් සිවිසුම් ගත වී ඇති අතර දසුන් ශානක බංගලා ටයිගර් සංචිතයේ රදවා ගනීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර චෙන්නායි බ්‍රේව් ජගුවර් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු එක් වී ඇති අතර නුවන් තුශාර හා තිසර පෙරේරා සුජුවම ගිවිසුම් ගත වී ඇති අතර භානුක රාජපක්ෂ සංචිතයේ රදවා ගෙන තිබෙනවා
එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් සහ ඇෆ්ගනිස්ථාන කීඩක රෂීඩ් ඛාන් යන දෙදෙනාම බංගලා ටයිගර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කන්ඩායම සමග එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ගිවිසුම් ගත වුණා.
මෙලෙස ප්‍රභල ක්‍රීඩකයන් එක්වන 2024 අබුඩාබු ටී 10 තරගාවලිය එළැඹෙන නොවැම්බර් 21 වන දා සිට දෙසැම්බර් 2වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
No comments:
Post a Comment