Wednesday, 2 October 2024

News


 සංචාරක බංගාලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමත් සමග තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාවේ කාන්පූර්හිදී ආරම්භවූ දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි බංගාලාදේශය සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස් කර ගත් අතර ඉන්දීය ක්‍රීඩකයන් ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් පන්දුවාර 34යි පන්දු 4ක් ඇතුලත කඩුලු 9ක් දැවී ලකුණු 285ක් ‍රැස් කරමින් සිය පළමු ඉණිම අත් හිටවනු ලබුවා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යසස්වි ජයස්වාල් පන්දු 51කදී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 72ක්  රැස්කලා.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 52ක් පසුපසින් සිටිමින් සිය දෙවනි ඉනිම ආරම්භ කල බංගලාදේශය ලකුණු 146කට සීමා කිරීමට ප්‍රභල ඉන්දීය පන්දු යවීමේ බල ඇණිය සමත් වුණා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 3න බැගින් බෙදී ගිය අතර බංගලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු සදාම් ස්ලාම් අර්ධශතකයක් රැස් කලා.

ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙම තරගයේ දෙවන හා තුන්වන දිනයන් වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ නිසා පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ඉන්දියාව ප්‍රවේගකාරී තරග රටාවක නිරත වීම කැපී පෙනුනා.

අවසන් තරගයේ වීරයා ලෙස යසස්වි ජයස්වාල් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස රවිචන්ද්‍රන් අශ්වින් සම්මාන දිනා ගත්තා .

No comments:

Post a Comment

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...