Wednesday, 25 September 2024

News

 


සංචාරක ඕස්ට්‍රේලියා  කණ්ඩායම හා එංගන්තය අතර පැවැති තුන්වන එක්දින තරගය ඩග්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 46කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

එංගන්තයේ රිවර්සයිඩ් ක්‍රීඩාංගනයේ පැවති තුන්වන තරගයේ කාසිය වාසිය දිනාගත් එංගන්ත නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කලා.

ලද ආරාධනයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 304 ක් ලබා ගත්තා.

එහිදී ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඇලෙක්ස් කේරි පන්දු 65කදී නොදැවී ලකුණු 77ක් රැස්කල අතර එම ඉනිම සදහා එක් හයේ පහරක් හා හතරේ පහර හතක් ඇතුලත් වුණා.

පන්දු යැවීමේදී ජොෆ්‍ ර ආචර් කඩුලු 2ක් බිද දැමුවා.

ලකුණු 305ක් ජයග්‍රාහී ඉලක්කය හඹායාම සදහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුළු දිත්වය ලකුණු 11ක් තුල දවා ගැනීමට ඕස්ට්‍ර්‍ර්ලියානු පන්දුයන්නන් සමත්වූ අතර තුන්වන කඩුල්ල සදහා ලකුණු 156ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට එංගලන්ත කණ්ඩායමේ නායක හැරී බෘක් හා විල් ජැක්ස් සමත්වුණා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 4ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 254ක් රැස්කරගෙන සිටියා.

 එංගලන්තය වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩාකල හැරී බෘක් පන්දු 94කදී හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 110ක් රැස්කලා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඩග්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 46කින් තරගය ජය ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය එංගලන්ත නායක හැරී බෘක් විසින් දිනා ගත්තා.

4 comments:

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...