2025 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාණු T 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ගිවිසුම් ගත වී තිබෙනවා.
ඒ එම වෙන්දේශීය නිම වී දිනකට පසුව ජොබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් වයිල්ඩ්කාඩ් ක්‍රමය හරහා එක්වීමත් සමගයි.
මතිෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වා ඇති නමුත් දකුණු අප්‍රිකාණු T 20 ක්‍රිකට් තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.
මතිෂ පතිරණය අමතරව ජොබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම මහිෂ් තීක්ෂණ ද මිලදී ගෙන තිබෙන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එම්අයි කේප් ටවුන් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා

No comments:
Post a Comment