චීන විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 06වන ස්ථානයේ පසුවන අමරිකාවේ කොකෝ ගෝෆ් සමත් වුණා.
අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ තරගයේදී යුක්ක්‍රේනයේ යුලියා ස්ටරඩස්සවා හමුවේ පලමු වටය ලකුණු 6 - 2 ලෙස කොකෝ ගෝෆ් පරාජයට පත්වුණා.
පළමු වටය පරාජයට පත්වූ කොකෝ ගෝෆ් දෙවන හා තුන්වන වටයන් යුලියා ස්ටරඩස්සවා ලකුණු 6 - 2 හා 6 - 2 ලෙස පරාජයට පත් කරමින් චීන විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
.jpeg)
No comments:
Post a Comment