20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් ඊයේ පාකිස්ථානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කරගත්තා.
එහි දී පාකිස්ථාන කණ්ඩායමේ කඩුළු 8ක් ලකුණු 84ක් තුළ බිද වැටී තිබූ පසුබිමක නායිකා ෆාතිමා සානා විසින් පන්දු 20කින් ලකුණු 30ක් රැස් කරගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගියා.
පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී, සුගන්ධිකා කුමාරි සහ නායිකා චමරි අතපත්තු අතරේ කඩුළු තුන බැගින් බෙදී ගියා.
ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20තුළ කඩුළු 9ක් දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 89ක් පමණයි.
එහි දී නායිකා චමරි අතපත්තු ලකුණු 6කටත් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7කටත් දැවී ගියා. ශ්‍රී ලංකා පිතිකාරිණියන් 7දෙනෙකුම එලෙස ලකුණු 10 සීමාවටත් ළගා නොවී දැවී යද්දී විශ්මි ගුණරත්න ලකුණු 20ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක් රැස් කරගත්තා.
කෙසේ වෙතත් එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවූ පසුබිමක ඔවුන් මෙවර ලෝක කුසලානයේ මහුණ දුන් පළමු තරගයෙන් ඒ අනුව ලකුණු 31ක පරාජයක් අත්කරගත්තා.
පන්දු යැවීමේ දී සාදියා ඉක්බාල් කඩුළු 3ක් බිද හෙළුවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දෙන මීලග තරගය හෙට සවස 3.30ට ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිතයි.
.jpeg)
No comments:
Post a Comment