ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 92 වෙනි වරටත් සංවිධානය කළ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ නිමාව දුටුවා.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දින 4ක් පුරාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ නව තරග වාර්තා 22ක් සහ ජාතික කනිෂ්ට වාර්තා දෙකක්ද බිහිවීම විශේෂත්වයක්.
වයස අවුරුදු 16,18 සහ 20 යන වයස් ඛාණ්ඩ 3ක යටතේ පැවති මෙම තරගාවලියේ සමස්ථ බාලිකා ශුරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගත් අතර බාලක ශුරතාවය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලට හිමි වුණා.
.jpeg)
No comments:
Post a Comment