දිනෙන් දින උණුසුම් වන 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඊ ඛාණ්ඩයේ තරගයක් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ රාත්‍රියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මක වුණා.
ඒ අනුව මෙම තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් පැරදු එංගලන්ත ක්‍රීඩිකාවෝ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කළා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 118ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එංගන්ත ඉනිමේ නියමුවා වෙමින් ඩැනි වයට් ලකුණු 41ක් රැස් ගත්තා.
පන්දු යැවීමේදී නහිඩා අක්තර්, ෆහීමා හාතුන් සහ රිතූ මෝනි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

No comments:
Post a Comment