Thursday, 3 October 2024

News

 


 ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 5ක්  සහ පන්දුවාර 20-20 තරග 5කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා වමත්  දගපන්දු යවන  ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහයේ 2.4.7 යන වගන්ති උල්ලංඝණය කළ බවට ඔහුට එල්ල වූ චෝදනා පිළිගැනීමත් සමගයි.

එම චෝදනා වුයේ දූෂණ විරෝධී ඒකකය විසින් සිදු කළ හැකි ඕනෑම විමර්ශනයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, පර්යේෂණයට අදාල ලියකියවිලි හෝ වෙනත් තොරතුරු සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීමයි.

ප්‍රවීන් ජයවික්‍රම හට මෙම චෝදනා එල්ලවන්නේ ජාත්‍යන්තර සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලවයි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම තහනම පැනවීමේ දී ගෙවී ගිය මාස 6ක කාලයද ඇතුළත් වන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

news

 2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකවෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන...