දිනෙන් දින උනුසුම් වන කාන්තා 20 -20 ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 60ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඕස්ට්‍රේලියා නායිකා ඇලෙසා හිලී පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක ලකුණු පුවරුවක් නිර්මාණය කලා.
ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් බෙත් මුනී පන්දු 32කින් ලකුණු 42ක් හා එලීස් පෙරී පන්දු 24කින් ලකුණු 30ක් රැස් කර ගත්තා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරතවූ අමේලියා කර් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් තුල සියළුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 88ක් පමණයි.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලභිනිය වූ අමේලියා කර් පන්දු 31ක්දී ලකුනු 29ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී මේගන් ෂූට් හා ඇන්බල් සදලන්ඩ් අතරේ කඩුලු 3 බැගින්බෙදී ගියා.
.jpeg)
No comments:
Post a Comment