මැලේසියාවේ පැවති ලැංකාවී කුසලාන පාපන්දු තරගාවලියේ දී වයස අවුරුදු 16න පහල කාණ්ඩයේ අනුශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිනවුන් පාපන්දු කණ්ඩායම පසුගියදා සමත් වුණා.
මෙවැනි තරගාවලියක කුලසන අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් අනුශුරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වීම ද විශේෂත්වයක්.
තරගාවලියේ ඔවුන් මුහුණ දුන් සියලුම තරග ජයගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ රිනවුන් කණ්ඩායම අවසන් මහා තරගයේ දී මැලේසියාව සමග තරග වැදුනා.
එහිදී අවසන් මහා තරගයේ ගෝල 1-1ක් ලෙස සම වීම හේතුවෙන් ජය තීරණය කිරීමට දෙපිලට ලබා දුන් දඩුවම් පහර 3-2ක් ලෙස මැලේසියාව ජය ගැනීම හේතුවෙන් ඔවුන්ට මෙම තරගාවලියේ අනුශුරයන් බවට පත්වීමට සිදු වුණා.
තරගාවලියේ හොදම ගෝල රකින්නාට හිමි රන් කුසලානයද රිනවුන් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයාට හිමිවීමද විශේෂත්වයක්.
.jpeg)
💙
ReplyDeletesuper
ReplyDeleteMaru
ReplyDeleteSuper
Delete❤
ReplyDelete