සංචාරක එංගන්ත ක්රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගවලියේ තීරණාත්මක අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්රිකට් ක්රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 263ක ලකුණු පුවරුවක් නිර්මාණය කලා.
ලකුණු 264ක ජයග්රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි කොදෙව් ක්රීඩකයන් පන්දුවාර 43කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 267ක් වාර්තා කරමින් තරගය පහසුවෙන් ජය ගත්තා.
එහිදී සුපිරි පිතිහරඹයක් දියත් කල ආරම්භක පිතිකරු බ්රැන්ඩන් කිං තම 3වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කර ගත් අතර කීසී කාට් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 128ක් රැස් කරමින් තීරණාත්මක අවසන් එක්දින තරගයේ ජයග්රහණය තම දේශය වෙත දිනා දුන්නා.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා.
.jpeg)
super
ReplyDelete❤❤
ReplyDelete