ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම උපරිම ක්‍රීඩකයන් 6 දෙනෙකු රදවා තබා ගැනීමට කණ්ඩායම්වලට ලබා දී තිබූ කාලය ඊයේ පස්වරු 5ට අවසන් වුණා.
ඒ අනුව ඊයේ පස්වරුවේ එක් එක් කණ්ඩායම් විසින් රදවාගත් ක්‍රීඩක ලැයිස්තු එලි දැක්වීම සිදු කෙරුණා..
අයි.පි.එල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු රදවා ගැනීමට වැය කල ඉහළම මුදල දකුණු අප්‍රිකාණු ප්‍රවේගකාරී පිතිකරු හෙන්රිච් ක්ලාසන්ට ලබා දීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
ඒ ඔහුව ඉන්දීය රුපියල් කොටි 23කට රදවා ගනිමින්.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 80කට අධික වනවා.එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ඉන්දීය රුපියල් කොටි 13කට රදවා තබාගෙන තිබෙනවා.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 45කට අධිකයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සුපිරි තරුව මහේන්ද්‍ර සිං දෝනිව රදවා තබා ගැනීමට වැය වී තිබුණේ ඉන්දීය රුපියල් කොටි 4ක් පමණක්.
ඊට හේතුවුයේ ක්‍රීඩකයකු අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කර වසර 5ක් ඉක්ම වූ පසු ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයකු ලෙස අයි.පි.එල් සංවිධායකයන් නොසැලකීමයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි රදවාගැනීමට ඉන්දීය රුපියල් කොටි 21ක් වැය කර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 73කට අධිකයි.
කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලේසීස්, දිල්ලි කැපිටල් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් පසුගියවර ශුරයන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ෂියාර්ස් අයියර් ලබන මස 24 සහ 25 යන දිනයන්හි පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේශීය සදහා කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.
.jpeg)
This comment has been removed by the author.
ReplyDeletesuper
ReplyDelete❤❤
ReplyDelete